ABERDEEN WATERFALL – Nuwara Eliya

Height: 98m

Mode of Access: Cement staircase without handrail

Distance to base of falls from car park: 1 KM

Nearest Major Town: Norton Bridge

District: Nuwara Eliya

Taking its name from the nearby tea estate, Aberdeen falls, the 18th highest waterfall in Sri Lanka is to be found below the Castlereigh Reservoir and is an imposing 98 metres and is fed by the Kehelgamu Oya, a tributary of Kelani River (Via the Maskeliya River and Kaluaggala)

The cement steps (some 800 in all) proceed downwards through a lush tropical forest, with many mini brooks and streams along the way. At the base, an observation platform has been installed and provides a firsthand view of this majestic and picturesque waterfall. A constant refreshing misty spray is to be experienced here and after having consulted locals, visitors may bathe near to the base.

It is said that a tunnel connecting Aberdeen with the nearby Laxapana falls exists to this day, however little is known. The Norton Bridge Power project has resulted in water levels of varying extremes.

How to get there:

Only 5 kilometres from Laxapana there are two routes to get to Aberdeen falls. The route described above involves following the Norton – Maskeliya B328 to the village of Kalaweldeniya (3rd KM Post), the road splits from here and a further one kilometer on, you will come to a house, where the path to the falls begins. There is a small board indicating the location.

The second route begins from the village of Dehigasthanna, that is reached via the B71 Carolina – Norton – Wanarajah Road from Norton Bridge. Here the downward journey is some 2 kilometres.

For those wanting to glimpse the waterfall from afar, from Ginigathhena take the B71 Road, heading towards Ella Uda (located in the Alagala village at the Hulanwanguwa or ‘Windy Bend’) from here the fall is visible from a distance.

TIP –  Along the path down occasionally glance outwards for serene views of the Kehelgamuwa valley.

ඇබර්ඩීන් ඇල්ල

ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දිය ඇළි අතරින් 18 වන ස්ථානය හිමි කර ගන්නා ඇබර්ඩීන් දිය ඇල්ල විශාල ගල්තලාවක් මතින් සුදු පෙණ නංවමින් තුරුළතා මැදින් පහළට කඩා හැලෙන්නේ අමුතුම ආකාරයේ සුන්දරත්වයකට හිමිකම් කියමිනි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති මෙය, කැළණි ගංගාවේ අතු ගංගාවක් වන මස්කෙළිය ඔය මව් කොට ගෙන නිර්මාණය වී ඇත.

උසින් මීටර 98 (අඩි 322) හා පළලින් මීටර 8(අඩි 26) වන මෙම දිය ඇල්ලට නම් ලැබී ඇත්තේ යටත් විජිත පාලන සමයේ දී මෙම ඇල්ල අවට වතුයාය පාලනය කළ පරපුරේ නාමයෙනි. ඇබර්ඩීන් යනු ස්කොට්ලන්තයේ තෙවන විශාලම නගරය හා එහි අගනුවර වන ඇබර්ඩීන්ෂයන් නාමයෙන් මෙය නිර්මාණය වූවා යැයි මත පවතී.කෙසේ වුවද මෙම ඇල්ල ඈත අතීතයේ හඳුන්වා ඇත්තේ “ඇලිදෝනා” ලෙස බවත් පසුකාලීනව ඇබර්ඩීන් ලෙස නම් තැබීමෙන්,එදා පටන් මෙම ඇල්ල ඇබර්ඩීන් ලෙස හඳුන්වා ඇත.

කොළඹ සිට අවිස්සාවේල්ල, කරවනැල්ල, කිතුල්ගල හරහා ගිනිගත්හේන නගරයට පැමිණ,අඹතලේ පාර හෝ  ඇබර්ඩීන් ඇල්ලට යන පාර අසා දැන ගැනීමෙන් මෙම ඇල්ල වෙත ළඟාවිය හැකි ගුරුපාර සොයා ගත හැකිය. එතැන් සිට කිලෝම මීටර 1.5ක පමණ  දුෂ්කර පා ගමනකින් පසුව ඇල්ල වෙත ළඟා විය හැකිය. තවද ගිනිගත්හේන කලුගල හන්දිය පසුකරත්ම  දකුණු පසට දිවෙන මාර්ගයක් ආසන්නයේ ඇබර්ඩීන් ඇල්ලට යන මාවත ලෙස දක්වා ඇති නාම පුවරුවක් හමු වුවද එම මාර්ගයේ ගමන් කළහොත් ළඟාවිය හැක්කේ ඇල්ලට මද දුරකින් පිහිටා ඇති වේදිකාව් අසළට පමණි.

ඝන වනාන්තරයක් මධ්‍යයේ පිහිටා ඇති මෙම ඇල්ල සොයා යන මාර්ගයේ බොහෝ ස්ථානවලට මෙම ඇල්ල දිස්වෙන අතර ජල කඳ පහළට කඩා වැටෙන දෝංකාරය බොහෝ දුරකට ඇසෙන්නේ  ඇල්ල වෙත ළඟා වීමට ඇති ආශාව වැඩි කරවමිනි.

සුවිසල් ගල්තලාව මත සිට එකවර කඩා හැලෙන ජල කඳ නිසාවෙන් ඇල්ල පහළ ජල කඳ පොළොව සිප ගන්නා ස්ථානය අවම වශයෙන් මීටර් 10කට වඩා ගැඹුරුය. ඇල්ලේ සුන්දරත්වය දුටු විටම මෙය දියනෑමට, ජල ක්‍රීඩා කිරීමට කදිම ස්ථානයක් ලෙස සිතුනද එහි දිය නෑම මාරාන්තිකය. පපුව ප්‍රදේශයට පමණක් වන තෙක් පිහිටි ජලයේ බැස දිය නෑම සිදුකළ හැකි වුවද, එයද ඉතා අවදානම්කාරී බැවින් තම ආරක්ෂාව සලසා ගනිමින් විනෝදවීම අමතක නොකළ යුතු කරුණකි.

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන්නාවූ අධික වර්ෂා කාලයේ දී මීටර් 10 ක පමණ වපසරියක් ඔස්සේ කඩා හැලෙන ඇල්ල අතිශය ප්‍රචණ්ඩව පවතින අතර අතිශය සුන්දරත්වයකින්ද යුක්තය. එම කාලයේදී දිය ඇල්ලට මීටර් 100 පමණ ඈතින් සිටින කෙනෙකු පවා ඉන් ඇතිවන හිරිකඩ වලින් නැහැවීම මගින් ඇල්ල ඔප්පු කරන්නේ තමාගේ ප්‍රචණ්ඩත්වය බව කිව හැකිය.

ඇල්ල පසුපස ගල්තලාවකින් යුක්ත විශාල වන පියස ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය වඩාත් වැඩි කරන දිය ඇලි ගොන්න අතරින් ඇබර්ඩීන් දිය ඇල්ලට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. දිය ඇල්ල නැරඹීමට පැමිණ එහි සුන්දරත්වය පමණක්  විඳ ගනිමින් ඔබ ගෙන ගිය පා සටහන් පමණක් ඉතිරි කර නැවත පැමිණීම අගනා බව සඳහන් කළ යුතුමය.

Events

Contact Us


Recent Posts