Arisimale is a small coastal village lying about 50 kms North of Trincomalee in Pulmude.
From the town centre, visitors can follow the Arisimalai Beach access road and after some two kilometres will arrive at this beach. The main long section of this beach comprises of fishing huts with boats parked along the shoreline.
During early mornings and late evenings, fishermen can be observed coming ashore with their catch and small mini auctions taking place to sell them on. During the day the fishermen rest or can be seen mending nets or attending to their boats.
To reach the very famous Arisimalai Beach (in Tamil ‘arisi’ means rice and ‘malai’ means mountain so ‘Mountain of Rice’) known for its special sand, from the main centre section of the centre beach, visitors should travel to the right corner of the bay where there is a small navy camp. During certain seasons this route is filled with estuary water and if so, visitors can either wade across the shallow waters or get a fisherman to take you across.
From the car park, visitors can follow the dirt path that soon comes to a Y junction. From here visitors should first bear right and follow the path till it ends up at the Arisimalai Temple.
ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සුන්දර ස්ථානයක් ලෙස අරිසිමලේ වෙරළ තීරය ප්රසිද්ධය. ත්රිකුණාමලයේ සිට කිලෝමීටර 50ක් පමණ දුරින් පිහිටා ඇති අතර අරිසිමලේ වෙරළට පිවිසෙන මාර්ගයේ සිට කිලෝමීටර 2ක් පමණ ගමන් කළ පසු මෙම සුන්දර වෙරළට පිවිසිය හැකිය.
මෙම වෙරළෙහි ඇති වැලි වල ස්වභාවය වෙනත් වෙරළ තීරයන්හි හමු වන වැලි වලට වඩා වෙනස්ය. මන්ද ඒවා බැලූ බැල්මට සහල් ඇට මෙන් දිස්වේ. මෙම වෙරළෙහි නම නිර්මාණය වී ඇත්තේද මෙම වැලි වල ස්වභාවය නිසාවෙනි. දෙමළ බසින් “අරිසි” යනු සහල්ය. “මලෙයි” යනු කන්දය. “සහල් කන්ද” යන නාමයෙන් පසුව මෙය අරිසිමලේ නමින් ප්රසිද්ධ වී ඇත.
මෙම සුන්දර වෙරළ තීරය ඓතිහාසික වශයෙන් ද වැදගත්ය. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් මෙම ස්ථානයෙන් ලක්දිවට ඇතුළුවුණා යැයි ජනප්රවාද වල සඳහන්ය. 80 දශකයේ ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිසා මෙම වෙරළ තීරය සංචාරකයින්ට තහනම් කලාපයක් වුවද වර්තමානය වන විට සංචාරකයින්ට පාරාදීසයක් වී ඇත. මෙම වෙරළ තීරයට ආසන්නයේ නාවික හමුදාව විසින් තවමත් ඔවුන්ගේ කඳවුරක් පවත්වාගෙන යනු ලැබේ.
මෙම වෙරළ තීරය පිරිසිදුය. සුන්දරය. ජලය පැහැදිලිය. මෙම කලාපයේ ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් වෙරළෙහි ගත කිරීමට සුදුසුම සවස් කාලය වේ. හිමිදිරි උදෑසන සිට සවස් වනවිට ධීවරයන් මසුන් සමඟ ගොඩ පැමිණීම, මසුන් විකිණීම, කුඩා කුඩා වෙන්දේසි ආදී ක්රියාකාරකම්ද දැකගත හැකිය. දිය නෑම ආරක්ෂිතය.දෙස් විදෙස් සංචාරකයින් අමන්දානන්දයට පත් කරවන මෙම සුන්දර වෙරළ තීරයට පැමිණ එහි සුන්දරත්වය වරක් හෝ විඳින්න. පා සටහන් පමණක් තබා යන්න.