At 241 metres, Bambarakanda falls claims the privilege of being the highest waterfall in Sri Lanka, the 299th highest waterfall in the world and 48th among the 100 highest waterfalls in the world.
To reach the falls visitors should make a turning at Kalupahana Junction (in the Badulla District), near to the Weli Oya Bridge along the A4, between the 172nd and 173rd Kilometre posts.
The road to the falls winds and snakes its way across a dramatic landscape with mighty mountain ranges and grassy plains stalking the route. A number of streams and brooks intersect and pass beneath the road, indeed a serene sight.
Passing the village of Weerakoon, a rusty and fading colonial era sign announces the location for visitors to alight their vehicles and commence the very short walk to the base of the falls. The path is easy to find and cuts through lush greenery with visitors crossing a quaint bridge that glosses over a cascading stream.
The path then becomes steeper as visitors enter a pine forest. As you walk under these pine giants, be wary of your footing as the leaf covered floor can be slippery. A few more metres on and you will arrive at the base of the majestic Bambarakanda Waterfall.
Cold Spray…
A nonstop spray of icy water greets those who arrive here and especially during dry periods, the rock pool at the base of the falls is ok for swimming but always consult a local on this.
The sound of the falls, when it is in full swing is deafening and the spray is a reminder of the refreshing power of water. The views from the base of the falls are also attractive with a wide panorama that spans pine trees and uninterrupted plains.
Bambarakanda is formed by the Kuda Oya (coming from Horton Plains above), which is a branch of the Walawe River. The beauty of this majestic cascading falls is further heightened by the gushing water continuously bouncing off rock ledges on its way down.
To the left of the fall, centuries of wind and rain have formed what is said to resemble two embracing lovers out of the rock. The more adventurous can visit the top of the falls accessible via a brisk and steep five kilometre climb.
For those who venture thus far, the scenery all around at the top of the falls is magical including uninterrupted views of the eastern plains of Sri Lanka. At the top of the falls, there is a very inviting bathing pool formed by a smaller falls, prior to the mighty sheer drop of Bambarakanda.is said to attract lightning. Leave only footprints…
බඹරකන්ද දියඇල්ල නැතහොත් බඹරකැලේ ඇල්ල ශ්රී ලංකාවේ උසම දියඇල්ල වන අතර ලෝකයේ 461 වන ස්ථානයට හිමිකම් කියයි. උසින් මීටර 263 කි. එනම් අඩි 863 කි. මෙය ශ්රී ලංකාවේ පමණක් නොව විදේශීය සංචාරකයින් අතරද බෙහෙවින් ජනප්රිය දිය ඇල්ලක් බවට පත්වී ඇත්තේ එහි ඇති අතිශය සුන්දරත්වය නිසාය. බඹරකන්ද ඇල්ලට සමීපව ඇති සදාහරිත වනාන්තරය නිසා ඇල්ලේ සුන්දරත්වය වඩාත් තීව්ර වී ඇත. වලවේ අතු ගංඟාවක් වන කුඩා ඔය මව් කරගනිමින් නිර්මාණය වී ඇති ඇල්ලට බඹරකන්ද ලෙසට නම් ලැබී ඇත්තේ ඇල්ල අවට ප්රදේශයේ ගල් මත විශාල වශයෙන් බඹර වද බැඳ තිබූ නිසා බව ගම්මානයේ පැරැන්නෝ පවසති. සීතල දේශගුණයක ආශ්වාදය විඳ ගැනීමට බදුලු පුරවරයට පැමිණෙන සංචාරකයින් හට තම සංචාරයට එක්කර ගත යුතුම ස්ථානයක් ලෙස බඹරකන්ද නම් කළ හැකිය.
කොළඹ-බදුල්ල මාර්ගයේ බදුල්ල, හපුතලේ හෝ බණ්ඩාරවෙල ඔබ සංචාරය කරන්නේ නම් ඇල්ල නැරඹීමට අමතක නොකළ යුතුය. කොළඹ සිට බෙලිහුල්ඔය, පඹහින්න පසු කළවිට හමුවන කළුපහන හන්දියේ සිට කිලෝමීටර් 5 ක් පමණ ගමන් කළ පසු ඇල්ල වෙත ළඟා විය හැකිය. කළුපහන හන්දියේදී ඇල්ලට යන මාර්ගය පෙන්නුම් කරන නාම නාමපුවරුව දැකගත හැකිය. එම මාර්ගයේ දී හමුවන වීරකෝන් ගම මැදින් ඇල්ල වෙත ළඟා වීම අතිශය සුන්දර අත්දැකීමකි. එහිදී ශ්රී ලංකාවට ආවේණික කුරුලු විශේෂ මෙන්ම සමනළ විශේෂ රාශියක්ද දැක ගත හැකිය. එපමණක් නොව හිමිදිරි උදෑසන ගමන ආරම්භ කරන සංචාරකයින්ට නම් එම අත්දැකීම තවත් සුන්දර වන්නේ ළපටි හිරු කිරණ වැදී දිදුලන හපුතලේ, බඹරගල, වැලිහේන කඳු පන්ති වල අසිරියත්, මීදුම් පටල අතරින් හමායන නැවුම් සිසිල් සුළඟෙහි ආශ්වාදයත් විඳ ගැනීමට අවස්ථාව ලැබීම නිසාය. අවසාන කිලෝමීටරයෙදී පමණ ඇල්ල දැක ගැනීමට හැකියාව ලැබෙන අතර මගදිගට හමුවන කුඩා කඩමණ්ඩි ගමන් විඩාව නිවාගනිමින් උණු උණු පොල් රොටියකත්, උණුසුම් කහට කෝප්පයකත් රසය විදීමට අවස්ථාව සලසා දෙයි. දිය ඇල්ල පිවිසුමෙන් ඇතුළු වීමේ ගාස්තුවක් අය කරනු ලබයි. එතැන් පටන් තුරුලතා වලින් පිරුණු කැලයක් මැදින් වැටී ඇති කුඩා අඩි පාරක ගමන් කළ පසු අවසානයේ පිවිසෙන්නේ ෆයිනස් යායකටය. එතැන් සිට ඇති ගල් පඩි පෙළ දිගේ මීටර 100 ක් පමණ ගිය විට රමණීය දිය ඇල්ල වෙත ළඟා විය හැකිය.
දිය ඇල්ලට මුහුණලා ඇති නැරඹුම් වේදිකාව නිදහසේ මෙම සුන්දර දිය කොමළියගේ සුන්දරත්වය විඳින්නට අවස්ථාව සලසයි. දිය ඇල්ල පාමුල සිට ඉහළ බලන විට ඉතා තුනී සුදු සේලයක් සේ පහලට කඩා හැලෙන දිය දහර වර්ෂාපතනය වැඩි කාලවලදී ප්රචණ්ඩ වන බව ගම්මුන් පවසයි. ඇල්ලෙන් විසිරෙන පිනි වරුසාව ගතට සිසිලක් මෙන්ම සිතට ආශ්වාදයක් ගෙන දෙයි. මෙම ස්ථානය ලංකාවේ අනෙකුත් දියඇලි මෙන් නොව, ඇල්ල පහළට වන්නට සීතල ජල පහස විඳින්නට කදිම ස්ථාන රැසකින් සමන්විතය. නමුත් දිය පහර කෙලින්ම කඩා හැලෙන ස්ථානය වෙත යෑම ඉතා අනතුරුදායක වන්නේ දිය ඇල්ල වැටී සෑදී ඇති තටාකයේ පතුල ඉතා ගැඹුරු නිසාවෙනි.
මෙම සංචාරයේ දී බඹර කන්ද දිය ඇල්ල පමණක් නොව ඝන වනාන්තරයේ සැඟවී සිටින තවත් දිය ඇලි දෙක තුනක සුන්දරත්වය අත් විඳින්නට හැකියාව ලැබේ. ලංකා ඇල්ල බඹර කන්ද මුදුනේ හමුවන සුන්දරත්වයෙන් පිරුණු එවැනි දිය ඇල්ලකි. ලංකා ඇල්ල වෙත යාම ඉතාමත් සුන්දර තරමක දුෂ්කර ගමනකි. බඹරකන්ද නැරඹීමට එන බොහෝ තරුණ සංචාරකයින් පාගමනින්ම ලංකා ඇල්ල නැරඹීමටද පැමිණෙන බව ගම්මුන් පවසයි.
ආරම්භයේ සිටම සුදු සේලයක් සේ කිසිදු තැනක නොරැඳී පොළවට කඩා හැලෙන බඹරකන්ද කෙතරම් සුන්දරද..එහි ආශ්වාදය ඔබත් විඳගන්න. පාසටහන් පමණක් තබා යන්න.