Said to be the oldest surviving wooden bridge in the world, the 400 year old Bogoda Wood-en bridge was constructed in the 16th century. The bridge that spans the Gallanda Oya, that joins the Uma Oya downstream was constructed solely using wood, with even nails being made of local timber and the most interesting element being the fact that not even a single metal nail was used in its completion.
With a breadth of six feet, height of eight feet and a span of some 50 feet, the Bridge com-prises of /Jack and Kumbuk logs with the supports consisting of one single log each! That stand tall holding up a corridor with a ornate roof. Kaluwara and Milla wood was used in executing the ornate designs on the pillars, banisters and roof borders, covered with Sinhala Ulu tiles.
The Bridge itself is sited on the premises of the Bogoda Raja maha Viharaya (temple) con-structed under instruction of King Valagambaha (who is said to have hid here) that dates back to the 1st century BC, during the period of the Anuradhapura era. The temple was said to have been a point of worship for those traveling by froo from Badulla to Kandy. The roof also served as a point of rest (ambalama) for weary travellers.
Today amidst walls built by combining cotton wool, bees honey and purified white clay, a reclining Lord Buddha appears with a detailed makara thorana (a pandol featuring a drag-on-like mythical creature combining features of elephant, bear, lion and crocodile) watching over it and murals that depict the artistic motifs of Buddhist traditions and culture. A place of worship for the Lord Vishnu predates the site and a blue colour statue of Vishnu is still partially visible.
Beyond the Bridge is the entrance of a tunnel believed to emerge in Badulla and was used by King Valgambaha when he was in hiding from the invading Dravidian invaders from South India. According to folklore the tunnel is said to measure some 10 kilometer and exits at Naranwala, which is now a tea estate.
…………………………………………………………………………………………………………………………………………………..
The Bogoda bridge is believed to have been constructed by a father and son team of wood craftsmen who were also responsible for the ambalama at Panapitiya. History has it that the son was entrusted with the task of completing the bridge and was told not to leave un-til the father came to add the finishing touches. But having completed his task, the son had set forth to meet the father. Since the ritual finishing touches were not made before he left the site, the son was cursed and died prematurely. –
Unleashing one such strand of legend it says that during the past when kings and queens ruled over ancient Lanka, the people in this area trekked on prilgrimages to Mahiyangane and Kandy through these old trails, after crossing Gallanda Oya where there was no bridge or even a foot-bridge (edanda) to get across.
So these people who hailed from those villages like Nillandahinna, Uda Pusselawa, Go-damane, Kandaketiya made a vow to God Vishnu to have some sort of bridge constructed.
Their supplication was duly answered. By some magic spell, a huge tree that was felled in the Narangala hill range to be used as timber to construct a contraption to cross the stream, was miraculously brought to a village called Lunugalla. On the following day to eve-rybody’s amazement a miracle did happen, as the trunk of this felled tree was by some su-pernatural power brought to the site near Gallanda Oya.
– Tharuka Dissanaike
බෝගොඩ ලී පාලම 16 වන සියවසේ නිර්මාණය කර ඇති විශ්මයජනක නිර්මාණයකි. වසර 400 කටත් වඩා පැරණි මෙම පාලම දැවයෙන් නිර්මාණය කර තිබීම එහි විශේෂත්වයයි. දැවයෙන් නිර්මාණය කරන ලද පාලම් ගැන ඓතිහාසික සාධක රැසක් ඇතත් බෝගොඩ පාලම වැනි පාලමක් වෙනත් කිසිදු ස්ථානයකින් හමු නොවන බව එම ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරයි.
වර්තමානයේ දෙස් විදෙස් ආකර්ෂණය දිනාගන්නා බෝගොඩ පාලම නිර්මාණය කර ඇති ආකාරය දෙස් විදෙස් ඉංජිනේරුවන් මවිත කරවන සුළුය. එහි විශේෂත්වය වන්නේ පාලමේ සෑම කොටසක් ම සම්බන්ධ කර ඇත්තේ අපූරු තාක්ෂණික ක්රමයකටය. පාලම නිර්මාණය කර ඇති සියලු කොටස් දැවයෙන් ම නිර්මාණය කර තිබීම එයට කදිම උදාහරණයකි.
මෙම බෝගොඩ පාලම ඉදිකිරීම පිළිබඳව විවිධ ජන කතා බැඳී පවතී. එහි එන එක් ජනප්‍රවාදයකට අනුව මෙම පාලම සඳහා එක් ගසක දැව යොදාගෙන ඇති බව සඳහන්ය. බදුල්ල අවට කඳුකර ගම්මානවල සිටි ජනතාව අතීතයේ නුවර හා මහියංගනය වැඳ පුදා ගැනීමට ගිය මාවත තිබුණේ බෝගොඩ හරහාය. එහෙත් එකල මෙම පාලම ඉදිකර තිබෙන ඔයා හරහා ගමන් කිරීමට ඒදණ්ඩක්වත් තිබී නැත. එහිදී ගම්වාසීන් එක්වී පාලමක් ඉදිකර දෙන ලෙසට විෂ්ණු දෙවියන්ට බාරවී ඇත. එහිදී ගැමියන්ගේ ඉල්ලීමට දේව හාස්කමකින් නාරංගල කන්දේ පිහිටි දැවැන්ත ගසක් බිමට පෙරළී ඇති අතර එම ගස ජලයේ ගසාගෙන විත් මෙම පාලම ඉදි කරන්නට අවශ්‍ය ස්ථානයේ රැඳී ඇත. පසුව එය පාලමක් දක්වා වර්ධනය වූ බවට ජනප්‍රවාදවල සඳහන්ය.
තවත් එක් ජනප්‍රවාදයකට අනුව මෙම පාලම ඉදි කොට ඇත්තේ එක්තරා පියෙකු හා පුතෙකු බවත් පාලමේ අවසන් වැඩ කොටස පුතා වෙත පවරා එතනටම වෙලා සිටින්න යැයි පවසා පියා වෙනත් කාර්යයක් සඳහා පිටව ගොස් ඇත. නමුත් මෙම පාලමේ තවත් වැඩ කොටසක් චාරිත්‍රානුකූලව සිදු කිරීමට ඉතිරි වී ඇත. එහිදී පියා පිටව ගොස් ඇත්තේ චාරිත්‍රානුකූලව සිදු කළ යුතු වැඩ කොටස පුතාට සිදු නොකරන ලෙස අවවාද කරමිනි. පාලමේ වැඩ කටයුතු නිම කිරීමට පුතාට තිබුණු හදිසිය නිසා පියා නොකරන්නැයි අවවාද කළ වැඩ කොටසක් ඔහු විසින් නිම කොට පියා හමුවීමට ගොස් ඇත. චාරිත්‍රානුකූලව පාලමේ වැඩ කටයුතු සිදු නොකළ නිසා දේව ශාපයක් වැදී අකාලයේ පුතු මිය ගිය බව සඳහන් වේ.
ගල්ලන්ද ඔය හරහා මීටර 1.5 ක් පමණ දිගින් හා මීටර 1.5 ක පළලකින් යුතුව මෙම පාලම ඉදි කොට ඇත. මීටර 2.4 ක පමණ උසකින් යුතු ව පාලමට සම්බන්ධ කොට අලංකාර වහලයක් ද නිර්මාණය කොට ඇත. සාමාන්‍යයෙන් පාලමක් සඳහා වහලයක් නිර්මාණය කරන්නේ නැත. නමුත් බෝගොඩ පාලම සුවිශේෂී වන්නේ මෙවැනි කාරණා නිසාය. පාලමේ වහලය පැතලි උලු වලින් නිර්මාණය කොට ඇත. උලු වර්ග දෙකක් මේ සඳහා යොදාගෙන ගෙන ඇති බව සඳහන්ය. වහලයේ දෙකෙළවර බෝ කොළ හැඩයෙන් යුක්ත උලු පෙළකින් නිර්මාණය කර ඇත්තේ වැසි දිය පාලම තුළට පිවිසීම වළක්වා ගැනීමටය. වහලය නිසා පාලමට අමුතු ගාම්භීරත්වයක්ද එක් වී ඇත. පාලමෙහි දැවමය වැට පැරණි කැටයම් වලින් අලංකාර කොට ඇත. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ හා කැටයම් කලාවේ ලක්ෂණ මෙම පාලමින් දැකගත හැකිය.
මහනුවර රාජධානිය සමයේ ලක්දිව අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මෙම පාලම වර්තමාන ස්වරූපයට ප්‍රතිසංස්කරණය කර ඇති බව සඳහන්ය. අතීත හෙළයාගේ වාස්තු විද්‍යාත්මක සැලසුම් හැකියාවත්, උසස් තාක්ෂණික හැකියාවත්, නිර්මාණශීලී හැකියාවත් ලොවට විදහාපාන ශ්‍රී ලංකා ඉතිහාසයේ හමුවන සුවිශේෂී කලා නිර්මාණයක් වන මෙම පාලම ශ්‍රී ලංකාව සතු තවත් එක් අපූර්ව නිර්මාණයකි.