The Embekka Devalaya, situated in Kandy is a historically significant temple that is filled with the most unique and finest ancient wood carvings found not only in Sri Lanka, but also in the entire world. It is a common place of worship for both Buddhist as well as Hindu devotees.
The Embekka Devalaya, in Udunuwara, Kandy is a historical temple that has been renowned for its unique wood carvings. These wood carvings have been acknowledged by UNESCO as being some of the finest and most intricate ancient wood carvings found in the entire world. Built during the Gampola era in the 14th century, it is believed that King Wickramabahu III was responsible for the construction of this temple, in honour of the god of Kataragama, Mahasen.
Today, this temple is a popular place of worship amongst both Buddhist as well as Hindu devotees, with Buddhists going to worship the Kataragama god, and Hindus to worship the god Murugan.
The original building is said to have had three stories, which sadly did not stand the test of time. It has been renovated during the Kandyan era and today it comprises of a single-storey building. Legend has it that King Wickramabahu III or one of his consorts, as well as a drummer named Rangama both had a similar dream where the Kataragama god appeared and instructed to build a temple in his honour. So, the idea for the temple was birthed and its construction soon began.
This historical temple comprises of three main sections: “wedesitina maligaya” where the statue of the god is found; a dance hall known as “digge” where dances were held during the rule of the ancient kings; and the drummers’ hall or pavilion, representing the drummer Rangama, which is also where musical events were held in the days of old.
The temple is covered with wood carvings. The main hall where the wooden statue and the dance hall is found, are full of wood carvings that can be witnessed on the columns, pillars as well as doors. A significant feature of this place is that it is entirely made out of wood, even down to the nails that have been used for its construction. A total of 514 unique wood carvings can be observed inside the drummers’ pavilion which that ranges from lotus designs, decorative patterns and roof designs and other types of decorative designs. Each of these carvings are unique and differ from each other. Some of the designs include double headed eagles, entwined swans, animal figures, wrestlers, fighting soldiers and many more.
At one end of the dancing hall is found an extraordinary sight, which is a large wooden pin called a “madol kurupuwa” that bears the weight of 26 rafters. It has been considered as one of the most unique and extraordinary form of ancient carpentry found in Sri Lanka.
The ruins of the Embekka ambalama or rest house is also found some way away from the temple. Today, it comprises of a few pillars that are still standing, however in the ancient days, it is said to have been an impressive building that served as a resting place for the king and his royal entourage.
Outside the temple is also found a large bo-tree as well as few Buddhist and Hindu shrines.
The Embekka Temple is approximately 7 to 8 km from Pilimathalawa, and about 3km away from the Royal Botanical Gardens, Peradeniya.
ගෘහ නිර්මාණ ශිල්පයත් කැටයම් කලාවත් එකිනෙකට මනාව සම්මිශ්‍රණය වූ ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අතිවිශිෂ්ඨ් නිර්මාණශීලී හැකියාව ලෝකයට විදහා පානු ලබන සුන්දර කන්ද උඩරට පිහිටි ඇම්බැක්ක දේවාලය හුදෙක්ම සුවිශේෂී වන්නේ ආගමික සිද්ධස්ථානයක් වශයෙන් ම නොව එය කලාත්මක දැවමය නිර්මාණයන් ගෙන් සමන්විත වූ කලාගාරයක් ලෙස ද සුවිශේෂී වන බව සඳහන් කළ යුතුමය .
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති ඇම්බැක්කේ දේවාල භූමිය වෙත කොළඹ මහනුවර මාර්ගයේ පිළිමතලාවෙන් හැරී දවුලගල මාර්ගයේ සිට කිලෝමීටර අටක් පමණ ගමන් කිරීමෙන් පසුව ළඟා විය හැකිය.
ගම්පොළ රාජධානි සමයේ දී එනම් 14 වන ශත වර්ෂය අගභාගයේ දී තුන්වන වික්‍රමබාහු රජතුමාගේ (ක්‍රිස්තු වර්ෂ 1357- 1374) අනුග්‍රහය ඇතිව දෙල්මඩ මූලාචාරී නම් අති දක්ෂ ශිල්පියෙකුගේ අතින් මෙම සුවිශේෂී ඇම්බැක්කේ දේවාලය නිර්මාණය වූ බවට ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරයි.
මෙම ඇම්බැක්ක දේවාලය නිර්මාණය වීම සඳහා පාදක වී ඇති පුරාවෘත්තය ඉතා රසවත් ලෙස “ඇම්බැක්කේ වර්ණනාව” නම් කවි පොතෙහි දෙල්ගොඩ මුදියන්සේ නම් තැනැත්තෙකු විසින් මෙසේ සඳහන් කොට ඇත. ඇම්බැක්ක ග්‍රාමයට ආසන්නව පිහිටි රංගම නම් ග්‍රාමයේ සිටි එක් බෙර වාදකයෙකු හට කුෂ්ඨ රෝගයක් වැලඳීමෙන් පසු එම කුෂ්ඨ රෝගය සුව කර දෙන ලෙසට ඔහු රුහුණු කතරගම දේවාලයට භාර වූ අතර පසු ව කතරගම දෙවිඳුන් ගේ ආශිර්වාදයෙන් සුවය ලැබීය. ඔහු එයට කෘතගුණ සැලකීමක් වශයෙන් වසරක් පාසා කතරගම ගොස් බෙර වයා කතරගම දෙවිඳුන්ට කෘතගුණ දැක්වීය.පසු කලෙක මහලු වූ කල එහි යාගත නොහැකිව සිත් තැවුලෙන් සිටින අතරතුරදී දිනක් දේවාල භූමියේ එක් රාත්‍රියක ඔහු වැතිර නිදන්නට විය.එහිදී රාත්‍රී කාලයේ කතරගම දෙවිඳුන් ඔහු ඉදිරි පිට පෙනී සිට ඉන් දුක් නොවන ලෙසත් නොබෝ දිනකින් වෘක්ෂය කින් ලකුණු පෙන්වා දෙවිදුන්ගේ අනුහස් පාන බවත් එවිට මඟුල් බෙර වයා පෙර පරිදි ගරු බුහුමන් දක්වන්න යැයි පවසා නික්ම ගොස් ඇත. තුන්වන වික්‍රමබාහු රජතුමාගේ බිසව වූ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියට අයත් මල් උයන පිහිටා තිබුණේ ඇම්බැක්කේ ග්‍රාමයේ වන අතර එක් දිනයක එහි උයන් පල්ලා විසින් මල් උයන පිරිසිදු කරමින් සිටින අතර තුරේදී එහි තිබූ කදුරු ගසකට කැත්තෙන් කොටන අවස්ථාවේදී එයින් බඹ හත් රියනක් උසට රුධිර ධාරාවක් ගලාගෙන ගොස් ඇත. මේ බව දැන ගත් බෙර වාදකයා එම ස්ථානයට ගොස් මෙහි පෙන්නුම් කර ඇත්තේ කතරගම දෙවිඳුන් ගේ ආනුභාවය යැයි දැන ගත් පසුව උයන් පල්ලා හා සමඟ එක්ව එම කදුරු ගස අබියස බෙර වයා පුද සත්කාර සිදු කොට ඇත. පසුව මෙම පුවත දැනගත් තුන්වන වික්‍රමබාහු රජතුමා ඇම්බැක්ක දේවාලය මෙහි ඉදි කරන්නට කටයුතු සම්පාදනය කරන ලදී.
තවද තුන්වන වික්‍රමබාහු රජතුමාගේ බිසව වන හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය උඩුනුවර මාත්ගමුව ගමේ තිබූ බෙලි ගසකින් වැටුනු බෙලි ගෙඩියකින් ඕපපාතිකව බිහි වූ බව යැයි ජනප්‍රවාද වල පවතී.පසු ව ඇය ඇගේ මරණින් මතු ඇය කතරගම දෙවිඳුන්ගේ මෙහෙසියක් බවට පත්වූ බවත් කතරගම දෙවිඳුන් විසින් ඇය ඇම්බැක්කේ දේවාලයේ අධිපති දෙවඟන බවට පත්කරන ලද බවත් පැවසේ.
එමෙන්ම දැවයෙන් කරන ලද හෙණකඳ බිසෝබණ්ඩාර දේවියගේ පිළිරුවක් ද රුධිර ධාරාව නිකුත් වූ කදුරු ගසෙන් නිර්මාණය කරන ලද මොනර පිළිරුවක් ද මෙම දේවාලයේ ඇති බව පැවසේ. කෙසේ වුව ද මෙම පුරාවෘත්ත වලට වඩා ඇම්බැක්ක දේවාලය වඩාත් ප්‍රසිද්ධ වන්නේ එහි පවතින්නා වූ පවතින්නා වූ ගෘහ නිර්මාණ ශිල්පයත් අති විශිෂ්ට කැටයම් නිර්මාණත් නිසාවෙනි.
ඇම්බැක්ක දේවාලය එකල ගොඩනැගිලි අටකින් ඉදි කර තිබෙන අතර ඉන් වාහල්කඩ, මහා දේවාලය, පල්ලේ දේවාලය, වී අටුව, මුළුතැන්ගෙය, බුදු මැදුර දේවාල භූමිය ඇතුළත පිහිටා ඇති අතර සිංහාසනය හා රිට්ටා ගෙය දේවාල භූමියෙන් පිටත ඉදි කොට ඇත. දේවාල සංකීර්ණයට ඇතුලු වන්නේ වාහල්කඩ නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල තුළිනි. අඩි 18 ක් පළල අඩි 23 ක් පමණ වු දිග මෙම ගොඩනැඟිල්ලේ වහලය දැව කණු 10 ක් මත ඉදි කොට ඇත. වාහල්කඩින් ඇතුළු වූ පසු මහා දේවාලය හෙවත් වැඩ සිටින මාළිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ල හමුවෙයි.මෙම ගොඩනැඟිල්ල
1. හේවිසි මඩුව හෙවත් දික් ගෙය
2. සඳුන් කුඩම
3. අන්තරාලය හෙවත් මැද දික් ගෙය
4. පිරිත් කියන ගෙය
5. වැඩසිටින මාලිගාව හෙවත් ගර්භ විමන ය යනුවෙන් කොටස් පහකින් සමන්විතය.
දික් ගක් ගෙය අඩි 53 ක් පමණ දිග අඩි 26 ක් පමණ පළල දැවකණු 32 ක් මත විශිෂ්ට ලෙස ඉදිකොට ඇති වහලයකින් යුක්ත ශාලාවකි. ගෘහ නිර්මාණ කලාව මෙන්ම කැටයම් කලාවේද අද්විතිය නිර්මාණශීලී හැකියාව පිළිබිඹු වන්නේ මෙම ශාලාව තුළිනි.
ඇම්බැක්ක දේවාලයේ ලී කණු කිසියම් ගල් පාදමක් මත ඉදි කොට ඇති අතර එම ලී කණු වල මුල් කොටස් තුන හත රැස් ස්වරූපයක් ගනී. මෙම ලී කණු සඳහා යොදා ගෙන ඇත්තේ පිහිබියා, ගම්මාලු, නා වැනි කල් පවත්නා මෙන්ම කැටයම් කිරීමට පහසුවන ලී වර්ගය. කණුවල 9×9 අඟල් කොටු වල මෙම කැටයම් නිර්මාණය කොට ඇත. මෙහි ඇති සමස්ත කැටයම් සංඛ්‍යාව 514 ක් පමණ වන බව ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරයි. එහිදී එක් කණුවක 4 බැගින් වූ කණු 32 කට කැටයම් 128 ක්ද එක් කාණුවක 8 බැගින් වූ කණු 32 ක ලියවැල් ආශ්‍රිත කැටයම් 256ක්ද පේකඩ නෙළුම් කැටයම් 64ක්ද බාල්කවල චිත්‍ර කැටයම් 30ක්ද තලාද චිත්‍ර කැටයම් 36ක්ද වෙයි.
මෙහි ඇති සුවිශේෂී කැටයම් ලෙස මල්ලව පොරය, මව සහ දරුවා, නළගන රුව, අශ්වාරෝහක රූපය, ලී කෙළි, දේව රුව, සිංහ රූ, මොනර රූ, ගිජුලිහිනියා, ඇත් සිංහ පොරය, ඇත් කඳ ලිහිණියා, භේරුණ්ඩ පක්ෂියා, සරපෙන්දා, ගරුඬ පූට්ටුව, හංස පූට්ටුව, ලිය වැල්, ලියතඹරා මල, ලණු ගැටය, කෙටේරියක් වැනි ආයුධයක්, කිඹිහි මූණ ආදිය දැක්විය හැකිය. මෙම කැටයම් අතර ඇති මල්කම් ආශ්‍රිත නිර්මාණ වලට සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ ඒවා එකිනෙකට කිසිසේත්ම සමාන නොවන ලෙස නිර්මාණය කොට තිබීමයි. තවද ලියතඹරා මල ලී කැටයමක් ලෙස දැකිය හැකි වන්නේ මෙම ඇම්බැක්ක දේවාලයේ පමණි. එකල මෙම නිර්මාණ ඉතා මටසිලිටු වන පරිදි ඔප දමා තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. කුළුණු මත ඉදිකොට ඇති වහලයද ශිල්පීය දක්ෂතාවය හා නිර්මාණාත්මක හැකියාව මැනවින් පිළිබිඹු කරන් නිර්මාණයකි.
එහිදී වඩාත්ම ජන අවධානයට පත් වන ප්‍රධානතම දැව නිර්මාණය මඩොල් කුරුපාව නැතහොත් කැණිමඬල ලෙස හැඳින්වෙයි. කලාල වල ආධාරයෙන් පියස්ස ඉදිකොට ඇති අතර එය අඩි දෙකහමාරක් පමණ ලී කැබැල්ලකට සම්බන්ධ වනසේ දැවැන්ත පරාල 26ක් එකිනෙකට සම්බන්ධ කොට නිර්මාණය කර ඇති අතර ඒ සඳහා කිසිදු යකඩ ඇණයක් යොදා ගෙන නොමැති වීම විශේෂත්වයකි. ලොව කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ නිර්මාණයක් බව UNESCO සංවිධානය විසින් තහවුරු කොට ඇත.
දික් මෙයින් ඇතුළු වී දෙපස සිංහ රූප දෙකකින් අලංකාර වූ, මකර තොරණකින් මැදි වූ දොරටුවෙන් ඇතුළු වූ පසුව “සඳුන් කුඩම” නම් කොට ශාලාව හමුවෙයි. දේවාල භූමියට පිවිසෙන විට වම් පසින් ලී කොටන් මත ඉදිකොට ඇති “වී අටුව” හමු වන අතර එහි දිනපතා තුන් වතාවක් කෙරෙන දේව පූජාව සඳහා අවශ්‍ය වී තැන්පත් කොට ඇත. වී අටුව ආසන්නයේ පිහිටා ඇති කාමර දෙකකින් හා ශාලාවකින් සමන්විත වන “මුළුතැන්ගෙය” දෙවියන් සඳහා ආහාර පිළියෙල කිරීමට භාවිතා කොට ඇති බව සඳහන්ය.
තවද දේවාල පරිශ්‍රයෙන් පිටත පිහිටා ඇති “සිංහාසන මණ්ඩපය” එකල රජතුමා පෙරහර නරඹා ඇති ස්ථානය වේ. ඇසළ පෙරහර පවත්වන දින වලදී පෙරහැරෙන් ගෙන එනු ලබන දේවාභරණ මද වේලාවක් මෙහි රඳවා තබා චාරිත්‍ර ඉටු කිරීම සිදු කරනු ලබයි. ඇම්බැක්ක දේවාලයේ වාර්ෂිකව සිදුකෙරෙන සිව් මංගල්‍යයන් අතරින් ඇසළ මංගල්‍යයට සුවිශේෂී ස්ථානයක් හිමි වන බවද සඳහන් කළ යුතුමය.
දේවාල ගොඩනැගිල්ලට වම්පසින් බුදු මැදුර හා දකුණු දකුණුපසින් පල්ලේ දේවාලය හෙවත් දේවතා බණ්ඩාර දේවාලය පිහිටා ඇත. ඇම්බැක්ක අම්බලම ලෙස හඳුන්වනු ලබන ගොඩනැගිල්ලක් ඇම්බැක්ක දේවාලයට නුදුරින් පිහිටි වෙල්යායක ගල්තලාවක් මත පිහිටා ඇති අතර වර්තමානයේ දී එහි දක්නට ලැබෙන්නේ ගල්කණු පමණකි. එහි ඇති නෂ්ටාවශේෂ අධ්‍යනය කිරීමේදී එම ගොඩනැගිල්ල තුළ ද විසිතුරු කැටයම් රාශියක් තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි වන අතර එය හතර වන බුවනෙකබාහු රජතුමා විසින් ඉදි කළා යැයි ඉතිහාසගත තොරතුරුවල සඳහන් වෙයි.
ගම්පල යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ශිල්පයේත්, කැටයම් කලාවේත්, විශිෂ්ට බව විදහා දක්වන මෙම දාරුමය ගෘහ නිර්මාණය විදෙස් සංචාරකයින් පමණක් නොව දේශීය සංචාරකයින් ද මවිතයට පත් කරවන සුළු බව සඳහන් කළ යුතුමය. මෙම දාරුමය කැටයම් සමූහය ලාංකේය කලා කෘති අතර ඉහළින්ම වැජඹෙන්නේ එබැවිනි.