KING COCONUT IN SRI LANKA

King coconut is short in stature and commonly found in Sri Lanka, and the nuts of which Sri Lankans regard as a “living pharmacy” is the most versatile and medically practical form of the coconut plant available. Sri Lankans sell and consume thousands of them on a daily basis.

THE HEALTH BENEFITS OF KING COCONUT WATER

Coconut water is a very refreshing drink to beat tropical summer thirst. The juice is packed with simple sugar, electrolytes, and minerals to replenish hydration levels within the body.

Research studies suggest that cytokinins (e.g. kinetin and trans-zeatin) in coconut water showed significant anti-ageing, anti-carcinogenic and anti-thrombotic effects.

Coconut water has been generally offered to patients with diarrhea in many tropic regions to replace the fluid loss from the gastrointestinal tract and reduce the need for intravenous therapy.

Coconut water is said to be an ideal drink to cure kidney disorders and dissolve kidney stones. Those suffering from difficulty in urination (stranguria), frequent urination (polyuria) and other urinary ailments could get relief by drinking coconut water.

The consumption of king coconut water is also believed to help control weight gain. It also reduces swelling of hands and legs and promotes the absorption of drugs.

 

තැඹිලි

Cocos Nucifera යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තැඹිලි ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන ස්වාභාවික ඖෂධීය පානයකි. සැබැවින්ම එය ජීවමාන ඔසුසලකි. ලොව ඇති වටිනාම ස්වාභාවික පානයකි.

තැඹිලි වතුර සහ එහි මදය ආහාරමය තන්තු වලින් ඉතාම පොහොසත්ය. මැග්නීසියම්, අයඩීන්, ස්ල්ෆර්, සින්ක්, කැල්සියම්, ප්‍රොස්පර්ස්, යකඩ හා විටමින් බී,සී, හා ඊ වැනි පෝෂකයන්ගෙන් සමන්විත තැඹිලි වතුර ඇඟ නිවන ඔසුවක් ලෙස ශ්‍රී ලාංකේය දේශීය වෙදකමෙහි බහුලව යොදා ගැනෙයි. ස්වාභාවික තැඹිලි වතුරේ ගුණ රැසකි. රුධිර කැටි ඇතිවීම වැළැක්වීමේ ගුණයෙන් සංයුක්ත වන අතර මිනිස් ශරීරයේ ඇතිවන හෘදයාබාධ, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් වළක්වයි. මුත්‍රා මාර්ගය පිරිසිදු කරන අපූරු ශක්තියක් තැඹිලි  වතුරට ඇති නිසා මුත්‍රා පිටවීමේ අපහසුවෙන් සිටින පුද්ගලයන්ට මුත්‍රා පිටවීම පහසු කිරීමට තැඹිලි පානය සුදුසුය. රුධිරය පිරිසිදු කර රුධිරයේ ඇති විෂ කොටස් නසන විශ්මිත හැකියාවෙන් යුක්තය. ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවීම, පිළිකා සෑදීමට ඇති අවදානම අවම කිරීම, දරුවන්ගේ පණු රෝගවලට ගුණදායක වීම, වෛරස් රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති අයුරින් ශරීරය හැඩ ගැස්වීමේ ගුණයෙන්ද යුක්තය. ශරීරයේ ඇතිවන දැවිල්ල නැති කිරීමේ අපූරු ගුණයක් තැඹිලි වතුර සතුය. තවද ගැබිනි මව්වරුන්ට සහන සලසන අතර ඔවුන්ට ඇති වන වමනය වැනි අපහසුතා දුරු කිරීමට සමත්ය. සන්ධි රෝග සඳහා හිතකරය. බැක්ටීරියා නැසීමේ ගුණයෙන් ද යුක්තය. ශරීරය අධික වෙහෙසට පත්වන අවස්ථා වලදී සහ විජලන තත්ත්වයන් වලදී තැඹිලි පානය කිරීම සුදුසුය. සමට අවශ්‍ය තෙතමනය ලබා දෙන අතර අන්තරායක ඖෂධ හා ආලේපන වර්ග භාවිතා කිරීම වෙනුවට ස්වාභාවික තැඹිලි වතුර නිරන්තරයෙන් පානය කිරීමෙන් වයසට යාම මැඩපවත්වා තරුණ බව රැකදෙන විශ්මිත හැකියාවක් තැඹිලි සතුය.

දෙවන ලෝක යුද්ධ සමයෙහි මෙම ඖෂධීය පානය තුවාල ලද සෙබළුන් හට සේලයින් වෙනුවට ලබාදුන් බවද සඳහන්ය. ගුණ රැසකින් සමන්විත තැඹිලි අගුණ වන්නේ ඉතාමත් කලාතුරකින්ය. සර්පයින් දෂ්ඨ කළ අවස්ථාවන්වලදී සහ වකුගඩු රෝගීන් මෙන්ම සෙම් රෝග ඇති අයටද තැඹිලි පානය කිරීම නුසුදුසුය.

සීනි රසයෙන් අඩු වුවද අමතර පෝෂණ ගුණ රැසකින් හෙබි තැඹිලි වෙහෙසකාරී මොහොතක විඩාව මග හරවා ගැනීමට කෘතිම රසකාරක අඩංගු පැණිබීම පානය වෙනුවට යොදා ගන්නේ නම් කදිමය. විඩාබර මොහොතක තැඹිලි වෙළෙන්දකු දකින විට ඇතිවන හැඟීම් එහි රසය ඔබ අත්විඳ තිබේද? එවැනි අවස්ථාවක තැඹිලි ගෙඩියක් පානය කිරීමේදී දැනෙන ආශ්වාදය අත් විඳිය යුතුමය. සැබැවින්ම තැඹිලි දිව්‍යමය පානයකි.

Events

Contact Us


Recent Posts