The herbal and ayurvedic goodness of Mee tree flowers, enveloped in natural kanda (Macaranga peltata) leaves and steamed (finger millet steamed cake). Perfect with a hot cup of plain tea and a wedge of jaggery (palm sap cane sugar).
MEE TREE
Mee (Madhuca longifolia) is a fast-growing tree that grows to approximately 20 meters in height and possesses evergreen or semi-evergreen foliage. Oil is extracted from its seeds and its sweet flowers are fermented in India to produce the alcoholic drink mahua, a country liquor. In Sri Lanka, the flowers are used for culinary purposes and also as an herbal drink or ayurvedic preparation. If stored carefully, dried flowers can even last for more than a year.
INGREDIENTS
METHOD
SWEET COCONUT
Now you can make the pani pol or sweet coconut:
LEAF FOOD
ජාතියේ පොහොර ගස ලෙස සැලකෙන මී ගස ලොව පුරා ප්‍රභේද 07 කින් ව්‍යාප්තව ඇති අතර ඉන් 04 ක්ම ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂයන්ය. මී ගස මීටර 20ක් පමණ උසට වර්ධනය වේ. ශ්‍රී ලංකාවේ හමුවන පරිසර හිතකාමී ශාක අතරින් ප්‍රමුඛස්ථානයක් මී ගසට හිමිවන බව සඳහන් කළ යුතුය.
වසරේ ජුනි හා ජූලි මාස වලදී මී ගසේ මල් හට ගන්නා අතර ඒවා කහ පාටට හුරු සුදු පැහැයකින් යුක්තය. මී ගසේ වැදගත්ම කොටස වන්නේ මී මලයි. මී මලෙහි පැණි රසයක් අඩංගු වන අතර පෝෂණ ගුණයෙන් අධික ආහාරයක් වේ. මී මල ඖෂධීය පානයක් ලෙසටද භාවිත කළ හැකි බව ආයුර්වේදයේ සඳහන් වෙයි. මෙම මී මල් භාවිතා කරමින් සාදාගන්නා ඉතා මිහිරි රසවත් ආහාරයක් ලෙස මී මල් හැලප ප්‍රසිද්ධය.
මී මල් හැලප ඉතාමත් පහසුවෙන් සාදා ගත හැකිය. නෙළා ගන්නා ලද මී මල් හොඳින් වියළා ගන්නා අතර පසුව මී මල් තලා රේණු ඉවත් කර ගනියි. පසුව සෝදා පෙඟෙන්නට ඉඩ හරිනු ලබයි. මෙසේ පොඟවා ගත් මී මල් ගලේ අඹරා ගැනීමෙන් පසු, කුරක්කන් පිටි, සහල් පිටි, පොල්, සීනි, ලුණු, ජලය අවශ්‍ය පමණට මිශ්‍ර කර ගනිමින් හොඳින් අනා ගනු ලබයි. පසුව සාදාගත් මිශ්‍රණය කැන්ද කොළවල තබා තුනීකර හැලප තම්බා ගන්නා සේ වාෂ්පයෙන් තම්බා ගනු ලබයි.
මෙසේ සාදා ගන්නා ලද හැලප දින 05ක් පමණ තබා ගත හැකි බව ගැමියෝ පවසන අතර ඔවුන් සඳහන් කරන්නේ ඒවා පැරණි හැලප ලෙසත්, ඒවා වඩාත් රසවත් බවත්ය.බලංගොඩ ප්‍රදේශයේ ප්‍රචලිත ආහාරයක් වන මෙම මී මල් හැලප රසවිඳීමට නම් උණුසුම් කහට කෝප්පයක් සමඟ හකුරු කැබැල්ලක් තිබීම අනිවාර්ය බව මෙහි රස දන්නෝ හොඳින් දනිති.