NUWARA ELIYA POST OFFICE - Nuwara Eliya

Opened in 1894, the iconic, two-storey red and white exterior of the Nuwara Eliya Post Office is a living example of the Tudor/ Edwardian style of architecture that was evident during the colonial era, complete with a traditional clock spire

The Post Office is easily recognizable and is a fond memory of those old and new, who call Nuwara Eliya, home. A photograph of this Post Office was used in a stamp which was issued on the World Postal Day in 1990 due to its glory and grandeur.

Those visiting the Post Office can view a few display cases with some historic memorabilia and this is also the place to send a postcard to your loved ones or friends…

Tel: 052-222-2250

නුවරඑළිය තැපැල් කාර්යාලය

ශ්‍රී ලංකාවේ ඇති ඉපැරණිම තැපැල් කාර්යාල අතරින් දර්ශනීයම තැපැල් කාර්යාලය වන නුවරඑළිය තැපැල් කාර්යාලය නුවරඑළියේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රධාන නැරඹුම් ස්ථානයකි.

වර්ෂ 1894 දී බ්‍රිතාන්‍යයන් විසින් එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පය අනුව යමින් රතු වර්ණයෙන්, ගඩොලින් මෙම දෙමහල් තැපැල් කාර්යාලය නිර්මාණය කොට ඇත. නුවරඑළිය බස් නැවතුම්පල අසලට පැමිණෙන විටම සැනෙකින් කාගේත් නෙත් ආකර්ෂණය කර ගන්නා තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන කිසිවෙකුත් එහි ඡායාරූප ගැනීමට නම් අමතක කරන්නේ නැත.

මෙම ගොඩනැගිල්ලේ ඇති ආකර්ෂණීයම අංගය වන්නේ සිත් ඇදගන්නා සුළු ඔරලෝසු කණුවයි. එය පිත්තල හා වානේ වලින් නිෂ්පාදනය කර ඇති අතර එංගලන්තයෙන් ගෙන්වා ඇත. මෙම ඉපැරණි ඔරලෝසුව විශාල ලඹ කැට ආධාරයෙන් ක්‍රියා කරනු ලබයි. එපමණක් නොව මෙම ගොඩනැගිල්ලේ ඉහළ මාලය තැපැල් දෙපාර්තමේන්තුවේ සංචාරක නිවහන වන අතර එහි 10 දෙනෙකුට පමණ නවාතැන් ගැනීමේ හැකියාවද පවතී.

වර්ෂ 1990 දී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් තැපැල් කාර්යාලයේ ඡායාරූපයක් සහිත රුපියල් 10ක මුද්දරයක්ද නිකුත් කර ඇත. ඔබ නුවරඑළිය සංචාරය කරනවානම් මෙම ඉපැරණි තැපැල් කාර්යාලය නැරඹීමට අමතක නොකරන්න.

දුරකථන – 052-222-2250

Events

Contact Us


Recent Posts