My weekend is coming to an end and I am on the road by 7 AM in order to reach my destination, the jubilant Peesa waterfall.
Off the beaten path for many who venture into the Uva, reaching Peesa is the first goal. From Badulla I continue along the A5 Peradeniya- Badulla – Chenkaladi highway, stalking a beautiful valley along the way with impressive views of all nine peaks that form the Namunukula range. This scenic drive is also made even more experiential with the pockets of pine forest and clumps of tea bushes we pass en route.
The turn off for Peesa is some 15 kilmotres along the A5 from Passara. A major landmark in the vicinity is the brightly coloured Kanesar Kovil and from here the Peesa Junction is a stones throw.
From the Peesa Junction we make a right turn and head down as the road twists and turns. Some five kilometers along you will be able to see the Peesa waterfalls from the main road in the distance, looking down. This unmarked location is the start of the path that leads to the base of this stunning waterfall. If you feel you have driven for more than five kilometers, stop and ask a local for directions to the Peesa waterfall access path.
Upon embarking on the path to Peesa, you will travel some 100 steps downwards, until you meet a concrete waterway (think of a narrow canal with walls) From here take a right turn and with the waterway on your right hand side proceed some 150 metres until you see a path (with a few cement stapes at the start) to the left. A series of water retaining sacks were placed to make a bund at this point (this may not be present now).
The real jungle experience begins as you follow the path downwards to the left and the cover of the forest envelopes you. The cement steps soon end and a natural path through the forest is revealed.
The forest given its high elevation is not wet, rather dry with almost an autumnal look and feel. The path winds its way for some 500 metres with creepers, vines and moss covered boulders along the way. Just prior to the Peesa viewing platform is a very unique natural wonder as the trekker has to slide down along the path through a tunnel that forms the lobby of a nondescript cavern.
After a 40 minute trek (slow going given the terrain) I can hear the sound of thrashing water gather momentum and before I know it, the path bends to reveal up close the majestic, epic and monumental Peesa waterfall, that may not be the highest on the island but in terms of its sheer natural beauty and overwhelming presence, is one of the best, in my opinion.
Upon arrival, the minor inconvenience of trekking through a forest with dense cover along slippery boulders and hanging onto creepers for balance, was all worth it. I am mesmerized by the pure unadulterated joy of hearing the gushing of water as the Peesa Waterfall unravels its magic before my very eyes.
The viewing platform is a raised ledge that has been cleverly located in order to provide an uninterrupted view of this supreme natural occurrence. For the intrepid, from the base of the falls, a rocky outcrop that channels the water lies in wait for further exploration and adventure.
One can use many words to describe the Peesa waterfall, but unless you physically go there, the experience leaves me at a loss for words.
TIPS TIPS TIPS
• Allow for around two hours for the return journey
• Make sure to carry a bottle of water
• It may get very sunny and some headgear is advised
• Don’t be intimidated by the dense forest canopy that makes the path look right out of the Amazon. It’s a fairly easy trek and well worth the energy input
බදුල්ල දිස්ත්‍රික්කයේ සැඟවුණු ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හැඩ කරන්නට එක් වූ තවත් සුන්දරියක් ලෙස පීස්ස දිය ඇල්ල පෙන්වාදිය හැකිය. සුන්දරත්වයෙන් පිරිපුන් පීස්ස දියඇල්ල සුදුවන් සේල සළුවක් සේ පහළට ඇද හැලෙන්නේ මඩොල්සිම ප්‍රදේශයෙන් ආරම්භ වන කුඹුක්කන් ඔය, ලුණුගල කඳුවැටියේ ඇති මීටර් 45 ක් පමණ උස බෑවුමක් මුල්කර ගනිමින්ය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පීස්සගම ගම්මානයේ පිහිටා ඇති පීස්ස දිය ඇල්ල වෙත ළඟාවීමට මාර්ග කිහිපයක් තිබුණ ද ළඟාවීමට ඇති පහසුම මාර්ගය වන්නේ පස්සර බිබිල මාර්ගයේ ලුණුගලට ආසන්නව ඇති 22 කණුව අසළින් හැරී හොප්ටන් වතුයාය අතරින් වැටී ඇති පීස්සගම මාර්ගයේ ගමන් කිරීමෙනි. තවද බදුල්ල බිබිල A5 මාර්ගයේ පැයක පමණ ගමනකින් පසුව ද ඇල්ල නමුණුකුල-පස්සර බිබිල මාර්ගය හරහා පැය එකහමාරක පමණ ගමනකින් පසුව ද මෙම සුන්දරිය වෙත ළඟා විය හැකිය.
සුන්දරත්වයෙන් අනූන පීස්ස ඇල්ල වෙත ළඟා වීමේදී පීස්ස ගම්මානයේ ඇති තේ හා රබර් වතු යාය අතරින් වැටී ඇති සුන්දර මාර්ගයේ ගමන් කරන විට පසෙකින් දර්ශනීය ලුණුගල කඳු පන්තිය දැක ගැනීමට හැකියාව ලැබේ. එම මාර්ගයේ කිලෝමීටර 5.5ක් පමණ ගමන් කළ පසු දිය ඇල්ල වෙත ළඟා විය හැකි පඩිපෙළ හමුවේ. අප්‍රේල් හා අගෝස්තු මාසයන් වලදී මෙම පඩිපෙළ දෙපස ගස්කොළන් සමනලුන්ගෙන් පිරී පවතින අතර එය සංචාරකයින්ගේ නෙත් සිත් වශී කරවන සුළු දර්ශනයකි. ඇල්ල වෙත පිවිසීමට පහළට සාදා ඇති පඩි පෙළ දිගේ ගමන් කිරීමෙන් අවසන පීස්ස නැරඹුම් අට්ටාලය හමුවේ.වැසි සමයේදී මෙය දුන්හිඳ ඇල්ල මෙන් අධික ජල ධාරාවකින් යුක්තව පහළට කඩා හැලෙන අතර වියළි කාලවලදී සෘජුවම පහළට ඇද හැලෙයි. වැසි සමයේදී නැරඹුම් අට්ටාලය ජල වාෂ්ප වලින් නැහැවී යන්නේ ඇල්ලේ ප්‍රචණ්ඩ බව පෙන්වා දෙමින්ය. කෙසේ වුවත් එම කාලයේදී දිය ඇල්ල නරඹන්නෙකුට දිය දහරින් විසිරෙන සීතල දියබිඳුවල පහස විද ගැනීමට හැකියාව ලැබේ.
ඓතිහාසික කතා ගොන්නකට හිමිකම් කියන පීස්ස දිය ඇල්ල පණ්ඩුකාභය රජ දවසට නෑකම් කියයි. මෙම ඇල්ලෙහි ජල ප්‍රවාහයට පිටුපසින් ඇති ගල් කුලෙහි ගල් ලෙනක් පිහිටා ඇති අතර එම ලෙනට පිවිසීමට භාග්‍ය ලද පළමුවැන්නා වන්නේ ද පණ්ඩුකාභය රජතුමා බව සඳහන්ය. අතීතයේ මොරගහ ඇල්ල නමින් හඳුන්වා ඇති මෙය රජය විසින් ඒ ආශ්‍රිතව සිදුකරන ලද පීස්ස නම් වාරි ව්‍යාපෘතිය නිසාවෙන් වර්තමානයේ පීස්ස ලෙස ප්‍රසිද්ධව පවතී.
මෙතරම් සුන්දරත්වය උසුලන පීස්ස දිය කොමලිය මෑතක් වන තුරුම සැඟව සිටියේ ඇය ගැන යොමු වී තිබූ අඩු අවධානය නිසාය. කෙසේ වුවද දිය ඇල්ල පිළිබඳව ඌව පළාත් සංචාරක ව්‍යාපෘතිය මඟින් වැඩි අවධානයක් යොමු කිරීම නිසා වර්තමානයේ සංචාරක ආකර්ශනය දිනා ගත් ස්ථානයක් බවට පත්ව ඇත. සැඟව සිටි දිය කොමලිය සංචාරක ආකර්ෂණයක් සමඟ සුප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් වුවද එම වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම අප සැමගේම යුතුකමක් සහ වගකීමක් වන බව අප සියලුදෙනා සිහියේ තබා ගත තබා ගත යුතු වැදගත් කරුණකි.