RAMBUTAN - Malwana

A tropical fruit that is native to Southeast Asia, rambutan is as healthy and nutritious as it is delicious.  The name “rambutan” has been derived from a Malay word that means hair, due to the hairy outer shell of the rambutan fruit. Belonging to the family of lychees, the succulent fruit is a translucent white colour and pleasantly sweet to taste, with a large seed in its middle. The colour of the fruit’s outer shell ranges between dark red to orange red and also yellow.

The rambutan fruit is seasonal, with the peak season being during July and August. However, some off-season fruit can also be found between December to February. The best variety of rambutan is said to be from the region of Malwana, in the Gampaha district of Sri Lanka.  

It is believed that the rambutan fruit has many health benefits to offer, including protection against infections, aiding digestion as well as helping to prevent weight gain while even aiding weight loss to a certain extent. This is because the fruit is low in calories yet high in water content, helping to keep a person well hydrated and giving a feeling of fullness. Rambutan is also rich in fiber and vitamin C as well as copper. It is also a source of other nutrients such as manganese, phosphorus, potassium, magnesium, iron and zinc, though in smaller quantities. The peel and seed are generally not consumed.

රඹුටන් - මල්වාන

රඹුටන් ඉතා මිහිරි රසයෙන් යුක්ත වීම නිසාත්, එහි ඇති සිත් ඇදගන්නා සුළු තද රතු, කහ වර්ණයන් නිසාත් ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන් අතර ද එකසේ ජනප්‍රිය පළතුරක්  ලෙස හඳුන්වා දිය හැකිය. නෙපලියුම් ලැපසියම් Nephelium Lappaceum උද්භිත නාමයෙන්, සැපෙන් ඩේසියේ Sapindaceae කුලයට අයත් රඹුටන් නිවර්තන කලාපීය සදාහරිත ශාකයකි.

මැලේසියාව රඹුටන්වල නිජබිම ලෙස සැලකෙන අතර වර්තමානය වන විට රඹුටන් ශාකය නිවර්තන කලාපයට අයත් අප්‍රිකාව, දකුණු ආසියාවේ නැගෙනහිර කලාපයේ රටවල්, මධ්‍යම ඇමෙරිකාවේ සහ කැරිබියන් දුපත් ආශ්‍රිතව වගා කරනු ලබයි. ලොව පුරා එසේ ව්‍යාප්ත වී ඇති රඹුටන් ලංකාවට පැමිණි ආකාරය පිළිබඳව විවිධ මත පවතී. එය පෘතුගීසි යුගයේ දී ලංකාවට ළඟටත් පැමිණි බවත්, තවත් විටෙක ඕලන්ද ජාතිකයන් විසින් මැලේසියාවෙන් ගෙන ආ බවත් සඳහන්ය. කුමන ආකාරයෙන් වුවද පැමිණි මෙම රසවත් පලතුර  ලංකාවේ තම මව්බිම ලෙස තෝරා ගත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වාන ප්‍රදේශයයි.

ශ්‍රී ලංකාවේ රඹුටන් වගාව සාර්ථකව සිදු කරනු ලබන්නේ පහත රට තෙත් කලාපයේය. ගම්පහ, කොළඹ, කළුතර,රත්නපුර, කෑගල්ල,ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක වල රඹුටන් වගාව ජනප්‍රියවී ඇති අතර අතරමැදි කලාපයට අයත් ඌව පළාතේ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලද මෑතකදී රඹුටන් වගාව ආරම්භ කොට ඇත.

මුහුදු මට්ටමේ සිට උස අඩි 500ක් පමණ උස් වූ ප්‍රදේශ රඹුටන් වගාව සදහා සුදුසු වන අතර වර්ෂාපතනය මි.මී 1500-2000 පමණ විය යුතුය. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-30 අතර සෑහේ. ලංකාව පුරා හෙක්ටයාර 3600ක පමණ  රඹුටන් වගාව ව්‍යාප්තව පවතින අතර සාමාන්‍ය වැඩුණු රඹුටන් ගසක අස්වැන්න කිලෝ ග්‍රෑම් 50-60 ත් අතර වේ. එමෙන්ම හොඳින් පාලනය කර වැඩුණු රඹුටන් ගසකින් වසරකට කිලෝ ග්‍රෑම් 200ක එනම් ගෙඩි 6000 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

වර්තමානය වන විට මල්වානේ රඹුටන් වර්ග කිහිපයක්ම දැකගත හැකිය. එහිදී ලංකාවේ නිර්දේශිත ප්‍රභේද ලෙස මල්වාන ස්පෙෂල්, මැලයන් රතු, මැලයන් කහ දැක්විය හැකි වන අතර නිර්දේශය නොවන ලංකාවේ පවතින වෙනත් ප්‍රභේද ලෙස ජාවා ස්පෙෂල්, ජාවා ලබුකබෝලා, ජාවා සිම්ඩ්ජාන්, ජාවා සීඩ්ලස්, ජාවා සින්ජන්ජාන් විශේෂ වේ. මෙම කුමන වර්ගය තිබුණද වඩාත් ජනප්‍රියම ඉස්තරම්ම වර්ගය ලෙස සැලකෙන්නේ මල්වාන ස්පෙෂල්ය. මෙය කෘෂිකාර්මික පර්යේෂණ වල නවතම සොයාගැනීමක් වන අතර මැලේසියන් වර්ගය මෙන්ම විශාලත්වයෙන් සමාන වුවද ඊට වඩා ප්‍රණීත මිහිරි රසයෙන් යුක්තය. එහි ඇති ආකර්ෂණීය පෙනුම හා බීජය වටා ඇති රසවත් මාංශලමය කොටස ඉතා හොඳින් ගැලවීම නිසා මෙම විශේෂයට ඇති ඉල්ලුම ඉතා වැඩිය. එමෙන්ම මැලේසියන්  රඹුටන්වලටද වෙළෙඳපළේ හොඳ ඉල්ලුමක් පවතින අතර මෙම වර්ගයද මල්වාන පුරාම දැක ගත හැකිය. තවද මල්වානේ ඇති කුඩාවට සෑදෙන එතරම් වර්ණවත් නොමැති රඹුටන් වර්ගද පවතින අතර ඒවාද ඉතා මිහිරි රසයෙන් යුක්තය.

මිනිසුන් මෙන්ම මෙම රසවත් පළතුරේ මිහිර විඳීමට පැමිණෙන්නන් අතර ලේනන්, වඳුරන් වවුලන්, රිලවුන් ප්‍රධාන තැනක් ගනී. එම සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීම විශාල අභියෝගයක් වන අතර වගාවට හානි කරන කෘමීන් අතර පළතුරු මැස්සා, පිටි මකුණා, කඳ විදින කුරුමිණියා ගෙඩි විදින පණුවා පෙන්වාදිය හැකිය. තවද මෙම රසවත් පලතුරේ ඇති ගුණ පිළිබඳව සඳහන් කිරීම ඉතා වැදගත්ය. පිළිකා සෛල විනාශ කිරීමේ ප්‍රධාන  සංයෝගයෙන් යුක්ත වන මෙම පලතුර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තය. විටමින් සී බහුල ආහාරයක් වන මෙය ආහාර ජීර්ණය සඳහා උදවු වනවා මෙන්ම දියවැඩියාවටද ගුණදායකය. පෞරාණික වෛද්‍ය ක්‍රම වලට රඹුටන්  ශාකයේ සෑම කොටසක්ම භාවිතයට ගෙන ඇති බවට හෙළ වෛද්‍ය විද්‍යාව සාක්ෂි දරයි. 

සෑම වසරකම ජූලි සහ අගෝස්තු මාසයේ ආරම්භ වන රඹුටන්  වාරය පැමිණෙන තෙක් ලාංකික ලොකු කුඩා කවුරුත් මග බලා සිටින බව නොරහසකි. මෙම කාලය වනවිට රඹුටන් ගස් රතු පාටින් ඵල බරවී තිබීමේ දර්ශනය මෙන්ම නගරාශ්‍රිත පාරවල් දෙපස වෙළදාම සඳහා රඹුටන් කඳු ලෙස ගොඩ ගසා තිබීමේ දර්ශනයද පළතුරේ රසයෙන් දිව පිනවීමට පෙර ඇස පිනවයි. එම නිසා රඹුටන් කා අතරත් ජනප්‍රිය පළතුරුක් වන්නේ එහි රසය,ගුණය හා සිත් ඇදගන්නාසුළු පෙනුම නිසා බව කිව යුතුමය.

Events

Contact Us


Recent Posts