Adjacent to the Ratnapura clock tower that celebrated its centenary in 2018, to one side, is found the remains of a Dutch Fort, that was mainly used as a strategic outpost, given its high elevation, on a hill that dominates the area.
The Portuguese had established a fort and a church circa 1620 at the location of the present Maha Saman Devalaya nearby, however it was later destroyed by Kirti Sri Raja Singha (the second Nayaka king of Kandy) who established a deity shrine there.
In that shrine grounds there is a stone sculpture, which depicts the Portuguese General, Simao Pinnao, on horseback brandishing a sword, whilst trampling a Sinhalese soldier.
By 1658, the Dutch had taken control over all Portuguese assets. The Dutch initially used the site of the Portuguese fort but subsequently built a new fort on a hill in the middle of Ratnapura town.
A smart, flight of long stone stairs, lead up to the entrance (a former side entrance) with visitors being greeted by an arch with the inscription ‘GR 1817.’
It was in 1817 that the Fort was overtaken by the British and after independence, local administrative offices occupied this premises as they do, to date.
Beside the arch, an example of the fortified Fort wall can be seen. Today, the Fort is utilized by the state for various offices, including the Police Station, old District Secretariat (kachcheri) and Public Library.
The National Gem and Jewellery Authority also has an office here, along with the private Minipura Gem Museum. Other than the entrance arch and the ruins of the Fort wall, there is little else to see here.
යටත් විජිත සමයේදී ඉදි කරන ලද නාගරික ස්මාරක අතරින් රත්නපුර ඕලන්ද බලකොටුවට මුල් තැනක් හිමිවේ. එය රත්නපුර නගරය මැද කළු ගඟට ආසන්න උස් බිමක ඉදි කොට ඇති අතර වර්තමානයේ බොහෝ ප්‍රචලිතව ඇත්තේ ඕලන්ද බලකොටුව නැත්නම් ලන්දේසි බලකොටුව වශයෙනි. ලන්දේසීන් විසින් සබරගමුවෙහි බලකොටු දෙකක් ඉදි කොට ඇත. ඉන් එකක් බිබිලේගමද අනෙක රත්නපුරද ඉදිකොට ඇති අතර බිබිලේගම තාවකාලික බලකොටුවක් ලෙසත් රත්නපුර ස්ථිර බලකොටුවක් ලෙසත් පවත්වාගෙන ගියහ. මෙම රත්නපුර බලකොටුව බොහෝසෙයින් කළුතර ඕලන්ද බලකොටුවට සමාන ස්වරූපයෙන් නිර්මාණය කොට ඇත.
– වර්තමාන රත්නපුර පොලිස් ස්ථානයේ පිහිටා ඇති ප්‍රදේශය ආවරණය වන පරිදි ගොඩනංවා තිබූ ඕලන්ද බලකොටුව ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය විදහාපාන තවත් පෞරාණික ස්ථානයකි. එහි ගොඩනැගිලි කිහිපයක් ඇති අතර අඩි 67 ½ ක් සහ අඩි 54 ½ ක් පළල දෙමහල් ගොඩනැගිල්ලක්ද වෙයි. එහි පහළ මාලය සම්පූර්ණයෙන්ම කළුගලින් නිමවා ඉහළ මාලය ගඩොලින් නිමවා ඇති අතර වහල සිංහල උළු සෙවිලි කර ඇත –
“මූලාශ්‍ර :පෞරාණික ස්ථාන හා ස්මාරක : රත්නපුර දිස්ත්‍රික්කය (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශන)”
මෙම බලකොටුව තුළ ආරක්ෂක කටයුතු, පරිපාලන කටයුතු මෙන්ම වෙළද භාණ්ඩ ගබඩා කිරීමට සහ හුවමාරු කිරීමට මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන ගොස් ඇත. මෙම බලකොටුවෙහි ආරක්ෂිත කොටු පවුර කබොක් ගල් සහ කළුගල් මිශ්‍ර බදාමයකින් නිර්මාණය කර ඇත. මෙහි ආරක්ෂිත කවුළු 04ක් සහ තවත් ප්‍රධාන කවුළු 02ක් තිබී ඇත. නමුත් වර්තමානයේදී සිදු කරන ලද නවීකරණයන්ගෙන් පසු එම ප්‍රධාන කවුළු 04න් ඉතිරිව ඇත්තේ කවුළු 02ක් පමණකි. වර්තමාන පොලීසිය පිටුපස සහ ඔර්ලෝසු කණුව පිටුපස ඇත්තේ එම කවුළු දෙකය. මෙම බලකොටුවෙහි ස්ථාපිත කරන ලද රාජ්‍ය ආයතනවලින් වර්තමානයේ දැකගත හැකි පැරණිතම ආයතනය වන්නේ පොලීසියයි. රත්නපුර පොලීසිය ආරම්භ කර ඇත්තේ වර්ෂ 1864 ජනවාරි මස 01 වැනි දිනයි.
මෙම බලකොටුවෙහි උසම ස්ථානය බැලුම්ගල ලෙස හඳුන්වා ඇති අතර එය සතුරු ආක්‍රමණ වලදී ඔත්තු බැලීමට යොදා ගෙන ඇත. වර්තමානයේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පිහිටා ඇත්තේ එම ස්ථානයේය. තවද ලන්දේසි ආඥාපතිවරයාගේ නිල නිවාසය, පාලන කාර්යාලය, සොල්දාදු බැරැක්ක, ආගමික කටයුතු සඳහා පල්ලියද, අධිකරණය මෙන්ම රෝහලද මෙහි පවත්වාගෙන ගොස් ඇත. එකල තිබූ ප්‍රධාන ආරක්ෂක සේනාංකය වර්තමාන මිනින්දෝරු කාර්යාලයේ පිටුපස ප්‍රදේශයේ පිහිටා තිබී ඇත. අතීතයේ හමුදා බට පිරිස් 40ක් පමණ රැඳවීමට තරම් ඉඩ පහසුකම් මෙම බලකොටුව තුළ තිබී ඇති බව සඳහන්ය.
රත්නපුර නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ පළමු සැලැස්ම හා පියවර ගෙන ඇත්තේ ලන්දේසීන් විසින් ය. ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන්ද මෙම බලකොටුව සිය පාලන මධ්‍යස්ථානය වශයෙන් භාවිතා කර ඇති බවට සනාථ කරන සටහන් හා ලේඛන පවතින අතර ලන්දේසීන් පරාජය කළ ඉංග්‍රීසීන්, 1817 මාර්තු 28 දින රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඉංග්‍රීසීන්ගේ පාලන මධ්‍යස්ථානය වශයෙන් මෙය විවෘත කොට ඇත. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදී බලකොටුව තුළ කරන ලද සංරක්ෂණ හා නවීකරණයන් සිහි ගන්වන අයුරු බලකොටුවේ ප්‍රධාන ප්‍රවේශය වන ඔරලෝසු කණුව ආසන්නයේ ඇති දොරටුවේ “GR 1817”ලෙස වර්ෂය සඳහන් කොට ඇත.එමෙන්ම උස වහලය සහිත ගොඩනැගිලි සංකීර්ණය වර්තමානය දක්වාම මෙම බලකොටුවෙහි දකින්නට ඇති අතර එය ඉංග්‍රීසීන්ගේ ගොඩනැගිලි නිර්මාණ සම්ප්‍රදාය සිහි ගන්වයි.
පුරාවස්තු ආඥා පනතෙහි විධිවිධාන අනුව මෙම පුරාවිද්‍යා භූමියේ සිට යාර 400ක දුර ප්‍රමාණය ආරක්ෂිත සීමාවන් වශයෙන් නියම කර ඇති අතර මෙම ලන්දේසි බලකොටුවට ඇතුළුවීමෙන් එම සීමාවන් තුළ ඇති පුරාවස්තු ගොඩනැගිලි වලට හානි කරන අයුරින් ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව පුරාවිද්‍යා පනත අනුව නීතිමය පියවර ගැනීමේ බලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරී ඇත.