ROYAL BOTANICAL GARDENS PERADENIYA - Kandy

The Royal Botanical Gardens is located at Peradeniya, which is approximately 5.5km from Kandy, in the the hill country of Sri Lanka’s Central Province. The largest botanical garden in Sri Lanka, it spans over a massive land area of 147 acres. It is surrounded on three sides by a loop of the Mahaweli River, which is the longest river in Sri Lanka. The Royal Botanical Garden is the perfect place for a stroll amidst dreamy pathways laced with beautiful palms and massive trees where monkeys and fruit bats feasting on the succulent fruit is a common sight. Covering the garden in its entirety can even take up to a whole day.

The botanical garden is home to over 10,000 plant species that include 4,000 labelled species. Among these plants are found orchids, over 200 species of palms, flowering plants, a vast array of medicinal plants as well as spices. The Royal Botanical Garden is considered to be one of the best Asia has to offer. The Guardian included the Royal Botanical Garden of Peradeniya in its list of the “Ten Great Botanical Gardens Around the World” in the year 2018.

The garden offers visitors a unique experience with popular attractions that include an orchid house, fernery, the Great Lawn with a giant Java Willow, an artificial lake, spice garden with some trees that have been planted as early as the 1840s, double coconut palms, flower garden, plant house and over 800 species of cacti, bamboo trees, flowering trees as well as the arboretum. The comprehensive arboretum is home to approximately 10,000 trees, some of which are over 100 years old.

One can also witness historically significant trees at this botanical garden, some of which were planted by local and foreign dignitaries during their visits to Sri Lanka.

An important message to all those planning to visit the garden is to kindly ensure that you leave it in the same state that you find it in. Please avoid littering and be mindful that rubbish as well as food scraps etc. are thrown into the bins that have been placed in different locations throughout the garden.

Opening Hours: 7.30 AM – 6.00 PM

Ticketing Hours: 7.30 AM – 5.00 pm

Open 365 days

Cafe & Restaurant Open 10.00 AM -5.00 PM

Tel: +94 81 2388088, +9481 2388238, +9481 2388307

Web: www.botanicgardens.gov.lk

E-Mail: [email protected]

පේරාදෙණිය උද්භිත උද්‍යානය

ශ්‍රී ලංකාවේ විශාලතම උද්භිත උද්‍යානය වන පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය මධ්‍යම පළාතේ පිහිටි මහනුවර නගරයට බටහිරට වන්නට කිලෝ මීටර 5.5 හා කොළඹ නගරයේ සිට කිලෝමීටර 110 පමණ දුරින් පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට මීටර 500ක උසකින් යුතුව, සෞම්‍ය දේශගුණයකට හිමිකම් කියන සුන්දර මහනුවර කඳු බිමක පිහිටා ඇති, අක්කර 147ක භූමි බාගයකට හිමිකම් කියන මෙම උද්‍යානය තුන් පැත්තකින්ම මායිම් වී ඇත්තේ මහවැලි ගංගාවට ය.

රාජකීය උද්භිත උද්‍යානයේ ආරම්භය ක්‍රි.ව 1371 තුන්වන වික්‍රමබාහු රජු දවස දක්වා දිව යන අතර, ක්‍රි.ව 1802දී ශ්‍රී ලංකාවේ තුරු ලතා පිළිබඳව උනන්දුවක් දැක්වූ උද්භිද විද්‍යාඥයකු වන ඇලෙක්සැන්ඩර් මූන් විසින් මෙය උද්‍යානයක් ලෙස නිර්මාණය කිරීමට මූලික පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ ගස පේරාදෙණිය උද්‍යානයේ රෝපණය කර ඇත්තේ ද වර්ෂ 1824දී මෙතුමා විසිනි. විවිධ පාලකවරුන් යටතේ ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වූ මෙම රාජකීය උද්භිද උද්‍යානය ක්‍රි.ව 1912 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත පවරා ගත් අතර වර්තමානයේ දීද එය පාලනය කරනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟිනි.

අක්කර 147ක් පුරා පැතිරී ඇති රාජකීය උද්භිද උද්‍යානය ශාක විශේෂ 4000කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන අතර විසිතුරු මල් වර්ග, ඖෂධීය ශාක, විදේශීය ශාක, කුළු බඩු ශාක, තාල වර්ගයට අයත් ශාක ආදී විශේෂයන්ගෙන් සමන්විත ය.

මෙම උද්‍යානය තුළ තාල වර්ගයට අයත් ශාක විශේෂ 200ක් පමණ දැක ගත හැකි වන අතර ඉන් බොහෝ සංචාරක ආකර්ෂණය දිනාගන්නේ සීෂෙල්ස් දූපත් වලින් ගෙන ආ දෙබිඩි පොල් ගස් සමූහයයි. උද්‍යානයේ නැගෙනහිරට වන්නට කෘතිමව විලක් නිර්මාණය කොට ඇති අතර එහි ඕලු, නෙළුම්, මානෙල් මල් දැක ගත හැකිය. කෘතිම විලට දකුණු දෙසින් පිහිටා ඇති උණගස් එකතුව ද සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වේ. ලෝකයේ විශාලතම උණ ගස් ලෙස සැලකෙන බුරුමයේ යෝධ උණ ගස් ද මෙහි දැක ගත හැකි වන අතර චීන උණ ගස්ද, තවත් උණ විශේෂ රාශියක් ද දැක ගත හැකිය.

ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම විදේශීය මීවන වර්ග 100ක් පමණ උද්‍යානය තුළ දැකගත හැකිය. මෙම මීවන උද්‍යානයේ අගය තවත් වැඩි කරනු ලබයි. කුරුදු, ගම්මිරිස්, කරදමුංගු ආදි කුළුබඩු ශාක බොහොමයක් මෙහි රෝපණය කර ඇති අතර ක්‍රි.ව 840 වර්ෂයේ දී රෝපණය කරන ලද පැරණිතම සාදික්කා ගස මෙන්ම රම්පෙ, කරපිංචා යන ශාකද මේ අතර වෙයි. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ස්ථානය ලෙස ඕකිඩ් නිවස පෙන්වා දිය හැකිය. දෙස් විදෙස් ඕකිඩ් විශේෂ මෙන්ම දෙමුහුම් කිරීම මගින් නිර්මාණය කොට ඇති ඕකිඩ් විශේෂ ද මෙහි පවතින අතර එහි ඇති සුන්දරත්වය කියා නිම කළ නොහැකි තරම්ය.

රාජකීය උද්‍යානයේ පිහිටා ඇති තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ අක්කර 04ක පමණ වපසරියකින් යුත් ප්‍රභූ කවයයි. එය නිර්මාණය කොට ඇත්තේ මෙම රාජකීය උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් ප්‍රභූවරුන්ගේ මතක සටහන් ලෙස ශාක රෝපණය කිරීම සඳහාය. ලෝකයේ විශිෂ්ටතම චරිත විසින් රෝපණය කරන ලද එම ශාක මෙරටට එක් කරන්නේ ආඩම්බරයකි. එසේ රෝපණය කරන ලද ශාක අතර වර්ෂ 1875 බ්‍රිතාන්‍යයේ 07 වන එඩ්වඩ් රජු විසින් රෝපිත බෝ ගසක්ද, වර්ෂ 1891දී සෝවියට් දේශයේ සාර් රජ පෙළපතේ අවසන් කුමරු වන නිකලස් රජු විසින් නා පැළයක්ද තවත් ප්‍රභූවරුන් විසින් රෝපිත ශාක රැසක් දැක ගත හැක. තවද වර්ෂ 1948 පෙබරවාරි 04වන දින නිදහස ලැබීම නිමිති කරගෙන ඩි.එස්. සේනානායක මහතා විසින් සියඹලා ගසක් රෝපණය කොට ඇත. එසේ රෝපණය කරන ලද ශාක එම පුද්ගලයන් මිය ගිය ද අදටත් විරාජමානව මෙම උද්‍යානය තුළ දැවැන්තයන් ලෙස නැගී සිටියි.

වසර පුරාම මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතින රාජකීය උද්භිද උද්‍යානයට පිවිසෙන විටම උද්‍යානයේ සිතියම රැගත් පුවරුවක් දැකගත හැකි වන අතර එය මුළු උද්‍යානයම කොටස් 30ක එකතුවක් ලෙස දක්වා ඇත්තේ සංචාරකයන්ගේ පහසුව සඳහා ය. වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයින් මිලියන 2ක් පමණ මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙන අතර 2018 වර්ෂයේ දී ගාඩියන් පුවත්පත විසින් “ලොව පුරා මහා උද්භිද උද්‍යාන දහය” ලැයිස්තුවට ද මෙම උද්‍යානය ඇතුළත් කොට ඇත.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් මෙම උද්‍යානය පරිසරයේ සුන්දරත්වය විඳ ගනිමින් නිදහසේ කාලය ගත කිරීමට කදිම ස්ථානයක් වන අතර උද්‍යාන පරිසරයට හානි නොවන පරිදි එහි සංචාරය කිරීම ශ්‍රී ලාංකිකයන් වන අපගේ වගකීමකි.

Events

Contact Us


Recent Posts