Size: 2.64 Sq. Km.
Capacity: 4.32 MCM
Directions: This Reservoir is located directly along the B464 Kataragama – Tissamaharama Road
The origin of this Reservoir is not clear with most attributing its creation to Yatala Tissa or King Maha Naga (brother of King Devanampiya Tissa) or King Kavantissa.
It was restored in 1871 and its southern banks forms part of the Tissa-Kataragama Road. Many pilgrims stop here to take a dip and plenty of birds can be observed under the shade of ancient trees. Don’t miss the fresh fried fish.
Tissa Wewa is also an hydro engineering marvel as the dam built across Kirindi Oya to divert water to Tissa Wewa is the first known oblique dam in the world. Europeans understood the principles and concepts of the oblique dams circa the 18th Century some 2100 years later.
තිස්සමහාරාම නගරයට ආසන්නව පිහිටා ඇති, එම ප්රදේශයේ ඉතා විශාල කුඹුරු යායවල් සඳහා දෙකන්නයම වගා කිරීමට ජලය සපයන තිස්ස වැව, තිස්සමහාරාමයේ සාඩම්බරය ලෙස සැළකිය හැකි ඓතිහාසික වැවකි. වර්ග කිලෝමීටර 2.64 (2.64km2)ක් එනම් අක්කර 652 ක භූමි භාගයක් පුරා මෙම වැව විසිරී පවතී.
රුහුණු රාජධානිය ගොඩ නැගූ යටාලතිස්ස රජු විසින් හෝ මහානාග රජු (දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා) විසින් ක්රි.පූ 03 වන සියවසේ දී මෙම වැව ඉදි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
තිස්ස වැව යනු ශ්රී ලංකාවේ ඉපැරැණි වැව් ගොඩනැගීමේ ඉන්ජිනේරු තාක්ෂණයේ විස්මයජනක අංගයකි. මක්නිසාදයත් තිස්ස වැව වෙත ජලය හරවා යැවීම සඳහා කිරිඳි ඔය හරහා ඉදිකර ඇති ලොව ප්රථම ප්රධානතම ආනත වේල්ල මෙහි නිර්මාණය කර තිබීම එයට හේතුව වේ. යුරෝපීයයන් මෙම ආනත වේලි මූලධර්ම හා සංකල්ප පිළිබඳව අවධානය යොමුකර ඇත්තේ 18 වන සියවසේදීය. එනම් ඉන් වසර 2100 එකට පසුවය. තිස්ස වැවෙහි වැව් බැම්ම ද ඉතා සුවිශේෂී එකකි. විශාල ගල් කුට්ටි වලින් නිර්මාණය කොට ඇති මෙම වැව් බැම්මෙහි එක් ගල් කුට්ටියක් ටොන් 01කට වඩා අඩු බවද සඳහන් වේ.
කතරගම වන්දනාවේ යන සැවොම නොවැරදීම නැවතී ගිමන් හරින සුන්දර ස්ථානයක් ලෙසටද තිස්ස වැව ප්රසිද්ධය. තවද වැව් බැම්මෙහි ඇති සුවිසල් වෘක්ශ වැවට එක් කරනු ලබන්නේ අභිමානවත් බවකි. තිස්ස වැව අවට පරිසරය අතිශය රමණීය මෙන්ම සශ්රීක බවෙන් හා හරිත වර්ණයෙන් යුක්ත වන නිසා කාගේත් නෙත් සිත් පිනවීමට සමත් කම් දක්වයි. විශේෂයෙන්ම මෙම තිස්ස වැව වීරවිල කුරුලු අභය භූමියේ කොටසක් වන නිසා හිරු නැගෙන හා බැස යන සවස් කාලයේ විවිධාකාර ජල කුරුලු ජීවිතවල සෞන්දර්ය විඳීමට ද කදිම තෝතැන්නක් ලෙස සඳහන් කළ යුතුය.